පළමු අදියර – බිම්මල් ඒකකය
පළමු අදියර – බිම්මල් ඒකකය
Rtr. Chathuri Pramoda
22-04-2026
Koratuwa
පළමු අදියර – බිම්මල් ඒකකය
"කොරටුව" ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස බිම්මල් වගා ඒකකය, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයීය පරිශ්‍රය තුල ක්‍රියාත්මක වේ.මෙම අදියර, ව්‍යාපෘතියේ චක්‍රීය පද්ධතිය ආරම්භ කරන මූලික පියවර වන අතර, කෘෂිකාර්මික නිෂ්පාදන, වටිනා ආහාර සම්පතක් බවට පරිවර්තනය කිරීම මෙහි ප්‍රධාන අරමුණ වේ.
මෙම ක්‍රියාවලියේදී, ස්වභාවිකව ලැබෙන පිදුරු (paddy straw) සහ අනෙකුත් කෘෂිකාර්මික අපද්‍රව්‍ය භාවිතා කරයි. සාමාන්‍යයෙන් භාවිතයෙන් පසු ඉවත දමන මෙම ද්‍රව්‍ය විශේෂිත ක්‍රියාවලියක් හරහා සකස් කර, පසුව ජීවාණුහරණය කර, බිම්මල් බීජ රෝපණය කරනු ලබයි.පාලිත පරිසර තත්ත්වයන් යටතේ කෙටි කාලයක් තුළ ඉහළ පෝෂණ ගුණයෙන් යුත් අස්වැන්නක් ලබා ගැනීමට මෙහිදි හැකියාව ලැබේ.
මෙම ක්‍රමවේදය ඉතා සම්පත් කාර්යක්ෂම (resource-efficient) වන අතර, අඩු භූමි ප්‍රමාණයක්, අඩු ජල පරිභෝජනයක් සහ අඩු ශක්තියක් භාවිතයෙන් සිදු කරනු ලබයි.එම නිසා, විශ්වවිද්‍යාල පරිසරය තුළ ක්‍රියාත්මක කිරීමට ඉතා සුදුසු තිරසාර කෘෂිකාර්මික ආකෘතියක් ලෙස මෙය සැලකේ.
මෙම අදියරේ වැදගත්ම ලක්ෂණයක් වන්නේ, චක්‍රීය පද්ධතියට කරන දායකත්වයයි. අස්වැන්න ලබා ගැනීමෙන් පසු ඉතිරි වන උපස්ථර (spent mushroom substrate) කොම්පෝස්ට් නිෂ්පාදන ඒකකය වෙත යොමු කරයි. එමඟින් එක් ක්‍රියාවලියක අවසානය තවත් ක්‍රියාවලියක ආරම්භයක් බවට පත්වෙමින් පද්ධතිය අඛණ්ඩව ක්‍රියාත්මක වේ.
අධ්‍යාපනික වශයෙන්ද මෙම ඒකකය ඉතා වැදගත් වේ.සිසුන් සෘජුවම වගා ක්‍රියාවලියට සහභාගී වෙමින් තිරසාර ආහාර නිෂ්පාදනය, ජීව විද්‍යාත්මක ක්‍රියාවලි සහ පරිසර වගකීම පිළිබඳ ප්‍රායෝගික දැනුම ලබා ගනියි.එමඟින් නවෝත්පාදන චින්තනය සහ සාමූහිකත්වය වර්ධනය වේ.
අවසානයේ, බිම්මල් වගා ඒකකය "කොරටුව" ව්‍යාපෘතියේ පදනම ලෙස ක්‍රියා කරමින් කෘෂිකාර්මික අපද්‍රව්‍ය ආහාර බවට පරිවර්තනය කරන, චක්‍රීය තිරසාර ගමන් මඟ ආරම්භ කරයි.
Enjoyed this article?
Stay updated with our latest news, projects, and insights. Join our community today!