ස්වයං පියයුරු පරීක්ෂාව සඳහා මාර්ගෝපදේශය
ස්වයං පියයුරු පරීක්ෂාව සඳහා මාර්ගෝපදේශය
Rtr. Nifla Shahbeen
20-10-2025
නාරි
ලිපි අංක: 05
ස්වයං පියයුරු පරීක්ෂාව සඳහා මාර්ගෝපදේශය
ස්වයං පියයුරු පරීක්ෂාව (BSE) යනු, නිවසේදීම ඔබේ පියයුරු වල අසාමාන්‍ය වෙනස්කම් පරීක්ෂා කිරීමට ඔබට සිදුකල හැකි සරල ක්‍රමයකි. එය පියයුරු වල සාමාන්‍ය පෙනුම සහ ස්වභාවය අවබෝධ කරගැනීමට උපකාරී වන අතර එමඟින් ඔබට ගැටිති, ඒවායෙව් වේදනාව සහ පියයුරු වල වෙනස්කම් පිළිබඳ කලින් හඳුනාගන්නට හැකිවේ. BSE හරහා පියයුරු පිළිකා කල්තියා හඳුනා ගැනීම පහසු කරන අතර සාර්ථක ප්‍රතිකාර සඳහා යොමුවීමට මෙමඟින් හැකියාව ලැබේ. මෙය නිතිපතා පුරුද්දක් කරගැනීමෙන් ඔබේ සෞඛ්‍යය සුවදායි අයුරින් පවත්වා ගැනීමට හැකිවන අතර ඔබේ ජීවිතය සුරක්ෂිත කරගැනීමට හැකි වනු ඇත.
පියවර-
කැඩපත දෙස බලන්න:
ඔබේ දෑත් දෙපසට විහිදුවා , පසුව ඔබේ දෑත් ඔබේ ඉණ මත තබාගෙන, අවසානයේ ඔබේ දෑත් ඔසවාගෙන කණ්ණාඩියක් ඉදිරිපිටට ගොස් ඔබේ පියයුරු පරීක්ෂා කරන්න.
තන පුඩුව රතු පැහැයට හැරීමක් හෝ තන පුඩුවේ වෙනස්කම් පිළිබඳ පරීක්ෂා කරන්න.
වැතිරී සිටිමින්:ඔබේ ඇඟිලි තුඩු භාවිතා කර එක් එක් පියයුරු පුරා සහ ඔබේ ඇගිලි තුඩු වල මඟින් මෘදු ලෙස තද කරන්න.
ඔබ කෙලින් සිටගෙන සිටින විට හෝ ස්නානය කරන විට: සම තෙත් හෝ ලිස්සන සුළු වූ විට පියයුරු පරීක්ෂා කිරීම බොහෝවිට පහසු වේ. පියයුරු වල සියලුම ප්‍රදේශ ප්‍රවේශමෙන් ආවරණය කිරීමට එකම චලනය භාවිතා කරන්න.
පොදු වැරදි-
එක් ආකාරයකට පමණක් පරීක්ෂා කිරීම.
සම්පූර්ණ පියයුරු සහ කිහිලි ප්‍රදේශය ආවරණය නොකිරීම.
අක්‍රමවත් ලෙස පරීක්ෂා කිරීම හෝ මාස ගණනක් මඟ හැරීම.
මෙම පරීක්ෂාව සිදු කළ යුත්තේ කවදාද?
මසකට වරක් ස්වයං පියයුරු පරීක්ෂණයක් කරන්න.
(ඔබේ ඔසප් වීම අවසන් වී දින 3-5 කට පසුව පියයුරු මෘදු නොවන විට)
පියයුරු වල වෙනස්කම් පිළිබඳ කලින් හඳුනා ගැනීමෙන් ඔබේ ජීවිතය බේරා ගත හැකිය. ඔබට කිසියම් අසාමාන්‍ය ගැටිති, සමේ වෙනස්කම් හෝ තන පුඩුවේ යම්කිසි ශ්‍රාවයක් දුටුවහොත්, වහාම ඔබේ වෛද්‍යවරයා හමුවන්න. BSE මැමෝග්‍රෑම් හෝ වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමුවන්න.
Enjoyed this article?
Stay updated with our latest news, projects, and insights. Join our community today!