මේ පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීමේ මාසයයි.

R
Rtr. Sandamini Senadheera
23-10-2025
5 min read
#නාරි
මේ පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීමේ මාසයයි.

මේ පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීමේ මාසයයි.

Rtr. Sandamini Senadheera
23-10-2025
නාරි

 ලිපි අංක: 06                                                                                                                                                                                             
 
මේ පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීමේ මාසයයි.

පියයුරු පිළිකාවක් කල්තියා හඳුනා ගැනීමෙන් ජීවිත ආරක්ෂා කරගැනීමට හැකියාවක් තිබේ. එමෙන්ම මුල් අදියරේදි පියයුරු පිළිකාවක්, පිළිකා සෛල ලෙස වර්ධනයට පෙර ප්‍රතිකාර කිරීමෙන් ජීවිතය ආරක්ෂා කරගැනීමේ අනුපාතය සැලකිය යුතු අගයකින් ඉහලය. සිව්වන අදියරේදි පිළිකාවක් හඳුනාගත් විට, එහි පැවැත්මේ අනුපාතය 25% කින් පහල යන අතර, මුල් අදියරේදි පිළිකාවක් හඳුනාගැනීමෙන් කාන්තාවකගෙ වසර 5ක පැවැත්මේ අනුපාතය 99% ක් වේ.
තවද, පිළිකා කල්තියා හඳුනාගැනීමෙන් රසායනික චිකිත්සාව (chemotherapy) වැනි අනතුරුදායී ප්‍රතිකාර වලට නොයා ශල්‍යකර්මයකින් හෝ දේශීය ප්‍රතිකාරයක් භාවිතා කිරීමෙන් පමණක් පිළිකා සුව කිරීමට අවස්ථාව ලැබෙන අතර ඉතා හොඳ ජීවන තත්ත්වයක් පවත්වා ගන්නත් පුළුවන්.

◼ පියයුරු පිළිකාවක් පෙර හඳුනාගන්නෙ කොහොමද?
 
දිනපතා ස්වයං පියයුරු පරීක්ෂණයක් සිදුකර ගැනීම, වසරක් පාසා පවත්වන සායනික පියයුරු පරීක්ෂණ වලට සහභාගී වීම, මැමෝග්‍රෑම් (අවුරුදු 40 සිට හෝ ඊට වැඩි අවදානම් සහිත පුද්ගලයින් සඳහා)පවුලේ ඉතිහාසය පිළිබඳව දැනුවත් වීම වැනි දෑ මඟින් පියයුරු පිළිකා හඳුනාගන්නට හැකියාවක් ඇත.

◼ පිළිකා පිලිබඳව දැනුවත් කිරීම ජීවිත සුරක්ෂිත වීමට බලපාන්නේ කෙසේද?

දැනුවත් කිරීම කියන්නෙ,  දැනගැනීම පමණක්ම නෙමෙයි. පෙර සිටම ක්‍රියා කිරීම සහ දැනුම බෙදා හැරීම යන කාරණා දෙකත් එයට අයිති. මේ පිළිකා පිළිබඳව දැනගැනීම පූර්ව රෝග විනිශ්චයට සහ මරණ සංඛ්‍යාව අඩු වීමට හේතු වේ. 

1. පූර්ව රෝග විනිශ්චය  

දැනුවත් කිරීම මඟින්, කාන්තාවන්ට ස්වයං පරීක්‍ෂා කරන්න සහ මැමෝග්‍රෑම් වැනි පරීක්‍ෂණ වලට සහභාගි වෙන්න ඔවුන්ව දිරිමත් කරනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස, මුල් අදියරේම පිළිකා හඳුනාගැනීමෙන් පැවැත්මේ අනුපාතය 90% ට වඩා ඉහලය

2. මරණ සංඛ්‍යාව අඩු වීම

ඇමරිකාව, බ්‍රිතාන්‍ය සහ ඔස්ට්‍රේලියාව වගේ රටවල් පියයුරු පිළිකා ගැන දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වන නිසා එම රටවල් වල මරණ සංඛ්‍යාව අඩුව ඇත.

3. බලගතු තීරණ ගැනීම

මේ පිළිකා ගැන කාන්තාවන දැනුවත් වෙද්දි, ඔවුන්ට මෙය ඉතා තීරණාත්මක තීරණ වලට යොමුවීමටත්, රෝග ලක්ෂණ හඳුනාගැනීමටත්, ඒවාට විසඳුම් සෙවීමටත් සහ විශ්වාසනීය ප්‍රතිකාර තෝරාගැනීමටත් හැකියාව ලැබෙනවා.

4. ප්‍රජා සහය සහ ප්‍රතිපත්ති වෙනස් කිරීම

දැනුවත් කිරීමෙන් වඩා හොඳ ආධාරක පද්ධති, පර්යේෂණ සඳහා අරමුදල් වෙන්කරගන්නට වගේම වැඩිදියුණු කළ සෞඛ්‍ය ආරක්ෂණ ප්‍රතිපත්ති වෙත යොමු වන්නටත් රජය කටයුතු සම්පාදන කර ඇත.


◼ පියයුරු පිළිකාවක් කල් ඇතිව හදුනා ගැනීම සහ ප්‍රමාද වී හදුනා ගැනීම අතර වෙනස
 
1)කලින් හදුනා ගැනීම (අදියර 0-1)
    •පිළිකාව ව්‍යාප්ත නොවීම.
    •අවුරුදු 5ක පැවැත්ම අනුපාතය 99% වීම.

2)ප්‍රමාද හදුනා ගැනීම (අදියර 3-4)
    • පිළිකා වසා ගැටිති ශරීරය පුරා පැතිරීම.
    •වසර 5ක ජීවත් වීමේ අනුපාතය 30%-65%කින් පහත වැටීම.
    •දැඩි ප්‍රතිකාර අවශ්‍ය වීම.




◼ පියයුරු පිළිකා පිළිබඳව තවදුරටත් කරුණු,

එක්සත් ජනපදයෙ සෑම කාන්තාවන් අට දෙනෙකුගෙන් එක් අයෙකුට පියයුරු පිළිකාවක් ඇති බව සාමාන්‍ය මතයයි. එහි කාන්තා ජනගහනයෙන් 18% කටම, මෙම පිළිකා ඇති බව දත්ත වාර්තා වලින් මේ වන විටත් තහවුරු වෙලා තියෙනවා. 2024 වසරෙ අලුතෙන් පිළිකා විනිශ්චයෙන් සොයාගත් පිළිකා රෝගීන්ගෙන් 30% ක්ම පියයුරු පිළිකා රෝගීන් වෙනවා. ඒ වගේම පියයුරු පිළිකා රෝගීන් 66% ක් පමණ ප්‍රමාණයක් එය පැතිරීමට පෙර මුල් අදියරේදිම සොයාගනු ලබනවා. ඒ වගේම 15% ක් පමණ කාන්තාවන්ට මේ පිළිකා රෝගය පරම්පරාවෙන්ම උරුමව තිබීම කණගාටුවට කරුණක්.
අවසාන වශයෙන්, මෙම පිළිකා කල් ඇතිව හඳුනාගැනීමෙන් ජිවිතය ආරක්ෂා කරගැනීමේ අවස්ථාව වැඩි කරගන්නට පුළුවන්. එයින් දුක් වේදනා අඩු කරනවා වගේම සරල ප්‍රතිකාර ක්‍රම වලින් පිළිකා සුව කරගන්නද හැකියාව ලැබෙනවා. ඒ නිසාම නිතිපතා පරීක්‍ෂා කිරීමෙන් ඔබට ඔබේ සෞඛ්‍ය තත්වය හොඳින් තබාගන්නට වගේම මෙවැනි රෝග වලින් වැලකී සිටින්නට ස්වයං පරීක්ෂණ සිදුකරගන්නටත්, අද සිටම කටයුතු කරන්න. 

දැනුවත් වන්න. 
ක්‍රියාත්මක වන්න. 
ආරක්ෂිතව සිටින්න.
ඔබවත්, ඔබේ ආදරණීයන්වත් රැකගන්න. 
 

Enjoyed this article?

Stay updated with our latest news, projects, and insights. Join our community today!