Rotary pink pledge' තුලින් - නාරි හදවතට නැවුම් බලාපොරොත්තුවක්

R
Rtr. Yashodha Swarnamli
14-10-2025
5 min read
#නාරි
Rotary pink pledge' තුලින් - නාරි හදවතට නැවුම් බලාපොරොත්තුවක්

Rotary pink pledge' තුලින් - නාරි හදවතට නැවුම් බලාපොරොත්තුවක්

Rtr. Yashodha Swarnamli
14-10-2025
නාරි

 

'Rotary pink pledge' තුලින් - නාරි හදවතට නැවුම් බලාපොරොත්තුවක්


ලිපි අංක: 01


මේ පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීමේ මාසයයි. 


අද වන විට පියයුරු පිළිකා කියන්නේ අපේ රටේ කාන්තාවන්ට දරුණු අභියෝගයක්ව පවතින රෝගයක්. ඉතින්, ඒ නිසාවෙන් රොටරැක්ට් අපි "රොටරි රෝස ප්‍රතිඥාව" (The Rotary pink pledge) සහ "නාරී ව්‍යාපෘතිය" යටතේ පියයුරු පිළිකා පිළිබඳව සමාජ දැනුවත්භාවය ලබාදෙමින් මෙම රෝගය වැළඳීමට පෙර හඳුනා ගැනීමට, කාන්තාවන්ව දිරිමත් කරන්න වගේම ඒකෙන් අහිංසක ජීවිත රැසක් බේරගන්න උදව් කරන්න බලාපොරොත්තුවෙනවා.


◼️ ඉතින්, මොකක්ද මේ රොටරි රෝස ප්‍රතිඥාව (The Rotary pink pledge) කියන්නේ?


මෙය, කාන්තාවන්ගේ පියයුරු සෞඛ්‍යයට සහය වෙන්න රොටරැක්ට් සමාජය විසින් සිදුකරන සුවිශේෂි වූ සමාජ ක්‍රියාදාමයක්. පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය වැඩි කිරීම, මේ රෝගයට මුහුණ දෙන්නන්ට සහය ලබාදීම, නිතිපතා පරික්ෂාව තුළින් කල්තියා හඳුනා ගැනීම වගේම සියලුම කාන්තාවන්ට හොඳ සෞඛ්‍ය සේවාවක් ලබාදීම තමයි මේකේදී අරමුණු කරන්නේ. මේක මේ මාසයට විතරක්ම නෙමේ ඉදිරියටත් ක්‍රියාත්මක වෙන සුවිශේෂි වැඩසටහනක්.


◼️ එතකොට මොකක්ද මේ නාරි කියන්නේ?


නාරි කියන වචනයේ තේරුම කාන්තාව. ශක්තිය, බලාපොරොත්තුව සහ ක්‍රියාව යන වචන තුනත් මේ නාරි කියන වචනෙ ඇතුළේ තියෙනවා. අපේ රටේ සංස්කෘතික වශයෙන් තියෙන බාධක බිඳ දමා, විවෘතව මේ රෝගය පිළිබඳව සමාජයේ කතා කරන්න අවස්ථාව හදලා, සමාජ දැනුවත්භාවය වැඩි කරලා, කිසිම කෙනෙක් තනිවෙලා නෑ කියන හැඟීම ඔවුන්ට ලබා දීම තමයි මේකේදී අපේ අරමුණ වෙන්නේ. 


◼️ අපි දැන් බලමු පියයුරු පිළිකා පිළිබඳව සමාජ දැනුවත්භාවය වැදගත් වෙන්නේ ඇයි කියලා?


සෑම කාන්තාවන් 8 දෙනෙක්ගෙන් එක් අයෙකුට පියයුරු පිළිකා සෑදීමේ අවදානමක් තියෙනවා. වසරකට අපේ රටේ පියයුරු පිළිකා රෝගීන් 3000ක් පමණ හඳුනා ගන්නවා. ඒක සියලුම කාන්තා පිළිකා රෝගීන්ගේ ප්‍රමාණයෙන් 25%කට වැඩි ප්‍රමාණයක්. හැබැයි කල්තියා හඳුනා ගත්තොත් මේ රෝගය සුව කිරීමට ඇති හැකියාව ඉහළයි. අපේ රටේ සංස්කෘතික වශයෙන් තියෙන බාධා වගේම වැරදි තොරතුරු නිසා තමයි මේ හැකියාව අවම වෙන්නේ. ඉතින් සමාජ දැනුවත්භාවය ඉතාම වැදගත්. සමාජ දැනුවත්භාවය වැඩි කිරීම තුළින් රෝගය කල්තියා හඳුනාගෙන කිසිම ලැජ්ජාවකින් හෝ බයකින් තොරව කාන්තාවන්ට අවශ්‍ය කරන උපදෙස්, උපකාර ලබා ගැනීමට ඔවුන්ව දිරිමත් කරනවා.


◼️ කොහොමද අපි පියයුරු පිළිකා කල්තියා හඳුනාගන්නේ?


පියයුරු හෝ කිහිල්ලේ ඇති ගැටිති හෝ ඝන ස්වභාවය, පියයුරු වල ප්‍රමාණය, හැඩය සහ පෙනුම වෙනස් වීම, පියයුරේ හෝ තන පුඩුවේ වේදනාව, පියයුරු කැසීම, රතු වීම, තන පුඩුවෙන් තරලයක් පිට වීම (මව්කිරි නොවන) වගේ ලක්ෂණ තියෙනවා නම් හැකි ඉක්මනින් වෛද්‍යවරෙක් හමුවෙන්න.

 

සෑම මසකම පාහේ සිදුකරනු ලබන ස්වයං පියයුරු පරික්ෂාවත් මේ රෝගය කල්තියා හඳුනා ගන්න ඉතාම වැදගත් වෙනවා.


මෙම රෝගය ශාරිරික වගේම මානසික වශයෙනුත් රෝගීන්ට, රෝගීන්ගේ පවුලේ අයට විශාල පීඩාවක් සිදු කරනවා. ඉතින් මේ ව්‍යාපෘතිය මඟින් අපි බලාපොරොත්තු වෙන්නේ ඔවුන්ට මානසික වශයෙන් මෙන්ම සාමාජීය වශයෙනුත් සහයක් වෙන්නයි.


◼️ ඇත්තටම පියයුරු පිළිකාව කියන්නේ මොකක්ද?


ඊලඟ ලිපියෙන් අපි ඒ ගැන කතා කරමු.

Enjoyed this article?

Stay updated with our latest news, projects, and insights. Join our community today!