මේ පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීමේ මාසයයි!
මේ පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීමේ මාසයයි!
ලිපි අංක: 08
මේ පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීමේ මාසයයි!
ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා පියයුරු පිළිකාව පිළිබඳව තවමත් බොහෝ වැරදි මතවාද හා අසත්‍ය විශ්වාස පවතී. මේ අඳුරු විශ්වාස හේතුවෙන් බොහෝ දෙනා ප්‍රතිකාර ගැනීමට පසුබට වන අතර, රෝගය මුල් අවධියේ හඳුනාගැනීම ප්‍රමාද වේ. නමුත් නිවැරදි දැනුම ලබාගැනීම මඟින් ජීවිත බේරා ගැනීමට හැකියාව ලැබේ.
පවතින වැරදි මතවාද (Common Myths) වන්නේ, "මෙය සෑදෙන්නේ වයසක ස්ත්‍රීන්ට පමණක්ය." යන්නයි.
යෞවන ස්ත්‍රීන්ටද පියයුරු පිළිකා ඇතිවිය හැක. වයස වැඩීවීමත් සමඟ අවදානම වැඩි වුවද, එය වයස අනුව සීමා නොවේ. ඕනෑම වයසක කාන්තාවක්ම මෙම රෝගයට ගොදුරු හැක.
තවද " පියයුරු පිළිකාව ආසාදනීය (contagious) රෝගයකි." යන්නද එක් මතයකි.
මෙය කිසිවිටෙකත් ආසාදනීය නොවේ. තවත් අයෙකුගෙන් රෝගය පැමිණෙන්නේ නැත. එය ශරීරයේ සෛලවල විකෘති නිසා ඇතිවන රෝගයකි.
මෙය කාන්තාවන්ට පමණක් ඇතිවෙන රෝගයක් යන්නද වැරදි මතයකි, පුරුෂයන්ටද (Men) පියයුරු පිළිකා ඇතිවිය හැක. එය දුර්ලභ වුවද, පිරිමින්ද මේ අවදානමට ලක්විය හැකි අතර, ඔවුන්ටද මෙම පරීක්ෂාව අවශ්‍ය වේ.
"පියයුරු වල ඇති සියලු ගැටිති පිළිකා වේ." යන මතය සාවද්‍ය වේ. සියලුම ගැටිති පිළිකා නොවේ. නමුත් කිසිදු අසාමාන්‍ය ගැටිත්තක් හෝ වෙනස්වීමක් දැනුන විට, වහාම වෛද්‍ය පරීක්ෂාවකට යොමුවීම අත්‍යවශ්‍යය. මුල් අවධියේ හඳුනාගැනීමෙන් සාර්ථක ප්‍රතිකාර ලබාගත හැකි වේ.
ශ්‍රී ලංකාව සහ දකුණු ආසියාතික රටවල් බොහෝමයක ස්ත්‍රී සම්බන්ධ සෞඛ්‍ය කාරණා පිළිබඳ කතා කිරීම සමාජිකව සංවේදී කාරණාවක් ලෙස සැලකේ. මේ නිසා බොහෝ ස්ත්‍රීන් ලැජ්ජාවකින් හෝ භයකින් පරීක්ෂා සඳහා නොයන අතර, රෝගය ගැඹුරු අවධියකට පත්වීමෙන් පසු පමණක් වෛද්‍ය උපදෙස් ලබාගනී.
පවුලේ මවක්, සහෝදරියක් හෝ මිතුරියක් සමඟ විවෘතව කතා කිරීමෙන් හෝ දැනුම හුවමාරු කරගැනීමෙන්, රෝගය පිළිබඳ අවබෝධය වැඩි කරගැනීමට හැක.
පියයුරු පිළිකා පිළිබඳ නිවැරදි දැනුම සහ නිසි පරීක්ෂාවන් කිරීමෙන්, රෝගය මුල් අවධියේ හඳුනාගෙන සාර්ථකව ප්‍රතිකාර කළ හැක. එබැවින්, ලැජ්ජාව, භය හා වැරදි මත දුරලමින්, අපි ආරක්ශා වෙමු.
Enjoyed this article?
Stay updated with our latest news, projects, and insights. Join our community today!