'නාරි 1.0' සමඟ එක්ව - Rotary Pink Pledge ක්‍රියාත්මක කරන්නට ඔබටත් ආරාධනා!

R
Rtr. Menuri Sandeepani
01-11-2025
5 min read
#නාරි
 'නාරි 1.0' සමඟ එක්ව - Rotary Pink Pledge ක්‍රියාත්මක කරන්නට ඔබටත් ආරාධනා!

'නාරි 1.0' සමඟ එක්ව - Rotary Pink Pledge ක්‍රියාත්මක කරන්නට ඔබටත් ආරාධනා!

Rtr. Menuri Sandeepani
01-11-2025
නාරි

 'නාරි 1.0' සමඟ එක්ව - Rotary Pink Pledge ක්‍රියාත්මක කරන්නට ඔබටත් ආරාධනා!

පියයුරු පිළිකාව වසරින් වසර ලොව පුරා මෙන්ම අපේ රට තුළත්, කාන්තාවන්ගේ සහ පිරිමින්ගේ ජීවිත වලට බලපෑමක් ඇති කරන රෝගයකි. නමුත් මෙය, දැනුවත්භාවය සහ කල්තියා හඳුනාගැනීම මඟින් පාලනය කළ හැකි රෝගයකි.

⭕පියයුරු පිළිකාව පිළිබඳ දැනුවත් වීමේ වැදගත්කම,

කල්තියා හඳුනාගැනීමෙන් ජීවිත ආරක්ෂා වේ. පියයුරු පිළිකාව මුල් අවධියේදී හඳුනාගත හැකි නම්, සුව කරගැනීමේ හැකියාව ඉතා ඉහළයි.

ස්වයං පියයුරු පරීක්ෂාව මඟින් ඔබටම ඔබේ සෞඛ්‍යය පාලනය කළ හැකිය. අවම වශයෙන් මසකට වරක් හෝ වෙනස්කම් තිබේදැයි පරීක්ෂා කිරීම අත්‍යවශ්‍යය.

අසාමාන්‍ය ලක්ෂණ දුටුවොත්, ගැටිත්තක්, තද බවක්, මෙවැනි ඕනෑම වෙනසක් හමු වුවහොත් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

පියයුරු පිළිකාව කාන්තාවන්ට පමණක් නොව පිරිමින්ටත් ඇතිවිය හැකි බැවින්, සියලු දෙනාම දැනුවත් විය යුතුය.

අද සිටම අපි එක්ව, පියයුරු පිළිකාව පිළිබඳ දැනුවත් වෙමු.

Enjoyed this article?

Stay updated with our latest news, projects, and insights. Join our community today!